ප්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගෙන දස වසරකි: සත්‍යය සහ යුක්තිය සෙවූ ගමනක පිය සටහන්

First published on 24th January 2020 at https://sinhala.srilankabrief.org/2020/01/%e0%b6%b4%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%9c%e0%b7%93%e0%b6%ad%e0%b7%8a-%e0%b6%91%e0%b6%9a%e0%b7%8a%e0%b6%b1%e0%b7%90%e0%b7%85%e0%b7%92%e0%b6%9c%e0%b7%9c%e0%b6%a9-%e0%b6%b4%e0%b7%90%e0%b7%84%e0%b7%90/

අද 2020 ජනවාරි 24 දින මාධ්‍යවේදී සහ කාටූන් ශිල්පී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් වී වසර 10 කි. ඔහුගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ සහ තරුණ පුතුන් දෙදෙනාගේ සත්‍යය සහ යුක්තිය උදෙසා වසර 10 ක අරගලය ද අද දින සනිටුහන් කරයි.

අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (සීඅයිඩී) හෝාගම මහේස්ත්‍රාත් අධිකරණයට කළ විමර්ශන වාර්තාවල දැක්වෙන්නේ එක්නැළිගොඩ කොළඹ දිස්ත්‍රික්කයේ රාජගිරියේ සිට හමුදා බුද්ධි අංශ නිලධාරීන් විසින් පැහැරගෙන ගොස් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගිරිතලේ හමුදා බුද්ධි කඳවුරට රැගෙන ගිය බවයි. එහිදී රාජපක්ෂ පවුලට, ජනාධිපති ගෝඨභය සහ හිටපු ජනාධිපති මහින්ද ඇතුළත්, සම්බන්ධ පොතක් ගැන ඔහුගෙන් ප්‍රශ්න කර තිබුණි. යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් ගණනාවක් සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබේ. යුද හමුදාව අධිකරණයට, අසත්‍ය තොරතුරු සපයන බවත්, සාක්ෂි සන්තකයේ තිබෙන බව ප්‍රතික්ෂේප කරන බවත්, සාක්ෂි ඉදිරිපත් කිරීම ප්‍රමාද මින් විමර්ශන සහ අධිකරණ නොමඟ යවන බවත් රහස් පොලීසිය මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් නඩුව මෙහෙයවන රජයේ නීතිවරයා දිගින් දිගටම කියා සිටි තිබේ. විමර්ශන සඳහා හමුදාවේ සහයෝගීතාවයේ අඩුවත් සහ සාක්ෂිකරුවන් බිය ගැන්වීම ද ඔවුන් විසින් වාර්තා කර තිබුණි. 2010 ජනවාරි 25 වන දින ගිරිතලේ කඳවුරේදී එක්නැළිගොඩව දැක ප්‍රශ්න කළ ප්‍රධාන සාක්ෂිකරුවෙක්, ගිරිතලේ කඳවුරෙන් තම ජීවිතයට හානි කිරීමේ කුමන්ත්‍රණයක් ඇතැයි පොීසියට පැමිණිලි කර තිබේ.

නඩු විභාගය

2010 ජනවාරි සිදු වූ පැහැරගෙන යාම පිළිබඳ නඩු විභාගය 2019 නොවැම්බරයේදී කොළඹ ත්‍රීපුද්ගල විශේෂ මහාධිකරණකදී ආරම්භ විය. විත්තිකරුවන් නව දෙනෙකුට එරෙහිව නඩු විාගය කෙරීගෙන යයි. ඊට ස්වාධීනව, 2009 දී ප්‍රගීත් පැහැරගෙන යාම සම්බන්ධයෙන් 2019 දෙසැම්බර් මාසයේදී හෝමගම මහාධිකරණයේ නඩු විභාගයක් ද ආරම්භ විය.

සුගීර්දරාජන්

ප්‍රගීත් පැහැර ගැනීමට වසර හතරකට පෙර, 2006 දී, ජනවාරි 24 වන දින, එස්එස්ආර් ලෙස ජනප්‍රිය ව සිටි දෙමළ භාෂා දිනපතා සුදර් ඔලී පුවත් පත වෙනුවෙන් සේවය කළ අර්ධකාලීන ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු වූ සුගර්රාජන්, ඝාතනය කරන ලදී. ප්‍රගීත් මෙන් ඔහු දරුවන් දෙදෙනෙකුගේ පියෙකි. ඔහුට වෙඩි තබන ලද්දේ නැගෙනහිර ආණ්ඩුකාර කාර්යාලයේ සිට මීටර් 100 කට වඩා අඩු දුරකින් සහ ඔහුගේ නිවසේ සිට මීටර් 200 ක් පමණ දුරක දී ය. ඝාතනයට පෙර, එස්එස්ආර්ට අනාරක්ෂිත බවක් දැනී ඇති අතර වෙනත් ස්ථානයක ආරක්ෂිත නිවසක් සොයා ගැනීමට අවශ්‍ය වී තිබුණි.

එවැනි නිවසක් හදුනාගෙන තිබුණත් ඔහු පදිංචියට යාමට පෙර ඔහු මරා දමන ලදී. ඊට හේතුව, 2006 ජනවාරි 2 වන දින ත්‍රිකුණාමලය මුහුදු වෙරළේ දී ඝාතනය කරන ලද තරුණයන් 5 දෙනෙකුගේ ඡායාරූපයන් ය. එම ඝාතන දැන් “ත්‍රිකුණාමළයේ 5 දෙනාගේ නඩුව” ලෙස හැඳින්වේ. ඝාතනයෙන් පසු කිසිවෙකු, තරුණයින්ගේ පවුල් පවා මෘත ශරීරාගාරය වෙත යාම වැළැක්වීමට හමුදාව උත්සාහ කළ නමුත් එස්එස්ආර් ජනමාධ්‍යවේදියකු ලෙස එම අයිතිය ලබා ගත්තේ ය. ඔහු ගත් ඡායාරූප 2006 ජනවාරි 4 වන දින “සුදර් ඔලි” පුවත්පතෙහි පළ විය. ඒවායේ පැහැදිලිව හිසට තබන ලද වෙඩි පහරවල් දක්නට තිබුණි. එම නිසා තරුනයින්ට වෙඩි තබා ඝාතනය කර නොමැති බවට බලධාරීන් කළ ප්‍රකාශ බිඳ වැටුණි.

ඔහුගේ ඝාතනයට පෙර දින, ත්‍රිකුණාමල කලාපයේ ඊපීඩීපී ඇතුළු දෙමළ පැරාමිලිටරි කන්ඩායම් විසින් සිදුකරන ලද අපයෝජනයන් පිළිබඳව ද එස්එස්ආර් දීර් වශයෙන් වාර්තා කර තිබූ බව බව “දේශසීමා නැති වාර්තාකරුවන්” (ආර්එස්එෆ්) සංවිධානය සඳහන් කර තිබේ. ත්‍රිකුණාමලයේ එස්එස්ආර්ගේ මිතුරු මාධ්‍යවේදියෙකු පැවසුවේ ප්‍රවෘත්තිය ඇසූ විට තමා ද වහාම ඝාතනය සිදු වූ ස්ථානයට පැමිණ ගිය නමුත් පසුව, දේහයන් බැලීමට රෝහලට හෝ අවමංගල්‍ය කටයුතු සඳහා පවා යාමට බියක් ඇති වූ බවය.

දින දෙකකට පසු, ඔහුට “සතුරා විනාශ කරන බලවේගය” නම් කණ්ඩායමකින් ලිපියක් ලැබුණි. “න්නි කොටින්ටසහාය ලබා දීමට තැත් කරන බවට එම ලිපියෙන් ඔහුට චෝදනා කරමින් කියා තිබුණේ, එවැනි පුද්ගලයින් තිදෙනෙකු හඳුනාගෙන ඇති බවත්, ඉන් එක් පුද්ගලයෙකු වූ සුගර්රාජන් තීන්දුව ලබා දී ක්‍රියාත්මක කර ඇති බවත් . තව ද ඔහු දෙවැන්නා වනු ඇති බැවින් ඔහු දින ගණන් කරමිින් ජීවත් වන ලෙසත් අනතුරු හඟවා තිබුණි.

මරණ තර්ජන

2020 ජනවාරි 23 වන දින, මඩකලපුවේ නැගෙනහිර දිස්ත්‍රික්කයේ දෙමළ මාධ්‍යවේදින් හත් දෙනෙකුට මාර තර්ජනයක් එල්ල විය. ඔවුහු වහාම පොලිස් පැමිණිල්ලක් ඉදිරිපත් කළ නමුත් පොලිසිය කිසිදු ආරක්ෂාවක් ලබා දුන්නේ නැත. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට තර්ජනයක් වන සිදුවීම් 30 ක් පමණ 2019 දී මෙරමාධ්‍යයන්හි වාර්තා වී ඇත. ඒ අතර මාධ්‍යවේදීන් හා වේදිනියන්, මාධ්‍ය සේවකයින්, ලේඛකයින්, කලාකරුවන් අත්අඩංගුවට ගැනීම, ප්‍රශ්න කිරීම, පහරදීම්, තර්ජන, බිය ගැන්වීම් සහ සීමා කිරීම් සහ සහ මාධ්‍ය කාර්යාල වැටලීම් ද වෙයි.

එසේම 2019 දී හිටපු ජනාධිපතිවරයාගේ පාලන සමයේදී රජය සතු රූපවාහිනි නාලිකාව වන “රූපවහිනි” ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගත් බව වාර්තා වූ අතර අයිසීසීපීආර් පනත ලේඛකයින්ට එරෙහිව භාවිත කරමින් ඉදිරියටත් එසේ කරන බවට තර්ජනයන් ද කෙරුණි. ජනාධිපතිවරණයෙන් පසු දැන් ස්වයං වාරණය නැවත මතුව තිබේ.

නව අභියෝග

ප්‍රගීත්ට යුක්තිය සොයා යාමේහි යම් ප්‍රගතියක් සිදුවී ඇතත්, මේ වන විට ආරම්භ වී ඇති නඩු විභාග දෙක තුළින් ලබා ඇති ප්‍රගතිය නොනැසී පවතිනු ඇත්දැයි අවිනිශ්චිතතාවයක් සහ බියක්ඇති වී තිබේ. නඩු විභාගය ආරම්භ කිරීමට හැකිවන පරිදි හෝමගම උසාවි වෙත විමර්ශන සහ වාර්තා ඉදිරිපත් කළ රහස් පොලිසියෙහි 2019 නොවැම්බරයේ පැවති ජනාධිපතිවරණයෙන් පසුව, විශාල වෙනස්කම් සිදු කර තිබේ. රහස් පොලසියේ ඉහළ පෙළේ විමර්ශකයෙකු රටින් පලා ගොස් ඇති අතර රහස් පොලසියේ අධ්‍යක්ෂකවරයා මාරු කර යවන ලදී. ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළ දී වත්මන් ජනාධිපතිවරයා සියලු රණවිරුවන් නිදහස් කරන බවට ප්‍රතිඥා දී තිබුණි.

එක්නැළිගොඩ හා සසඳන විට, එක්නැළිගොඩ අතුරුදහන් වීමට වසර හතරකට පෙර ඝාතනය කරන ලද සුගර්රාජන් පිළිබඳ ජාතික හා ජාත්‍යන්තර උනන්දුවක් ඇත්තේ අල්ප වශයෙන් බව කිව යුතු ය. ඉදින්, විමර්ශනයන්හි ප්‍රගතියක් සහ අත්අඩංගුවට ගැනීමක් නොමැති වීම පුදුමයට කරුණක් නොවේ. වෙනත් මාධ්‍යවේදීන් ඝාතනය කිරීම් සහ දස දහස් ගණනක් ශ්‍රී ලාංකිකයන් අතුරුදහන් වීම සම්බන්ධයෙන් මෙන්ම සුගර්රාජන් වෙනුවෙන් යුක්තිය ඉටුවනු වනු ඇතියි සිතීම උගහට .

ගෝටාභය ප්‍රකාශය

2020 ජනවාරි 17 වන දින, නව ජනාධිපතිවරයා, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ අඩිපාරේ යමින්, අතුරුදහන් වූ ශ්‍රී ලාංකිකයන් මියගොස් ඇති බවට අනියම්, සංවේදී හා වගකීම් විරහිත ප්‍රකාශක් ළේ ය. එමගින් පවුල්වලට එම අතුරුදහන් වූ අය මිය ගියේ කෙසේ ද, කොහි දී , කවදා ද සහ කාගේ අතින් ද යන්න පිළිබඳ විස්තර සැපයෙන්නේ නැත. ඔහු, නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අතුරුදහන් වූවන්ගේ පවුල්වල උත්සාහයන් නොසලකා හරින බවක් පෙනේ. සමහර දෙමළ පවුල් වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ උතුරේ වීදි දෙපස උද්ඝෝෂනයන්හි යෙදී සිටිති, තවත් සමහරු උතුරේ සහ දකුණේ අධිකරණ ක්‍රියාමාර්ගයන්ට එළඹ ඇත. අයෙක් හිටපු ජනාධිපති ඇතුළු දේශපාලන නායකයන් සමඟ සාකච්ඡා පැවැත්වූහ. මේ ජනයා අතුරුදහන් වූ ඔවුන්ගේ පුතුන්, දියණියන්, සහෝදරයන්, සහෝදරියන්, ස්වාමිපුරුෂයන් සහ මුනුබුරු මිනිබිරියන් ගැන සත්‍යය දැන ගැනීම සඳහා විවිධ මුල පිරීම්වල නිරත වූහ.

ජනාධිපතිවරයා තොරාගෙන ඇත්තේ මේ බව අතුරුදහන්වූවන්ගේ පවුල් වලට නොව එක්සත් ජාතීන්ගේ මෙරට නේවාසික සම්බන්ධීකාරකවරියට පැවසීමට . “ඔවුන්ගෙන් වැඩි දෙනෙක් එල්ටීටීඊය විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන හෝ බලහත්කාරයෙන් බඳවාගෙන තිබෙනවා” යනුවෙන් ද ජනාධිපතිවරයා පවසයි. එල්ටීටීඊය බොහෝ දෙනෙකු රැගෙන ගොස් ඇති බව සත්‍යයකි, නමුත් අතුරුදහන් වූ බොහෝ අයගේ පවුල් සිය පවුලේ සාමාජිකයන් සහ ඔවුන් දන්නා අනෙක් අය යුද්ධය අවසානයේ යටත් වීමෙන් පසු හමුදාව විසින් රැගෙන නු පෞද්ගලිකව දැක ඇත. මෙළෙස ගෙන ගිය අය අතරට ළමයින් සහ කතෝලික පූජකවරයෙක් ද ඇතුළත් ය. ඔවුන් මේ බව ප්‍රකාශ කර ඇත්තේ ගෝඨාභයගේ සහෝදරයා වන මහින්ද රාජපක්ෂ විසින් පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවලට සහ ශ්‍රී ලංකා අධිකරණවල දී. ‍

මරණ සහතික නිකුත් කරන බවට ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ද කණස්සල්ලට හේතු වෙයි. මන්ද යත්, පවුල්වලට මරණ සහතික ලබා ගැනීමට අවශ්‍ය වන්නේ, තම පවුලේ සාමාජිකයා මියගොස් ඇති බව ස්ථිරවම දැන ගැනීමෙන් පසුව නාසා ය. එනම් සිරුර දැකීමෙන්, දේහයේ ඉතිරි කොටස් හි අනන්‍යතාවය තහවුරු කර ගැනීමෙන් හෝ මිය ගියේ කෙසේ දැයි දැන ගැනීමෙන් පසුව ය. නාධිපතිවරයාගේ එකී ප්‍රකාශය, 2010, අංක 19 දරන මරණ ලියා පදිංචි කිරීමේ ( තාවකාලික විධි විධාන) පනත, අතුරුදහන්වූවන්ගේ ඉරණම සම්බන්ධයෙන් කරුණූ තහවුරුවන තුරු නොපැමිණීමේ සහතික (“certificates of absence”) ලබා දීමට හැකිවන සේ 2016 දී කරන ලද සංසෝධනය ආපසු හැරවීමකි.

බලාපොරොත්තුවේ ලකුණූ

මෙම අඳුරු වාතාවරණය තුළ, බලාපොරොත්තුවේ සංඥා ද තිබේ. ජනමාධ්‍යවේදීහු සහ වෙනත් අය අසීරු සත්‍යයන් හෙළිදරව් කරති. අසීරු ප්‍රශ්න අසීමින් බලවත් හා ධනවතුන්ට අභියෝග කිරීනඅතරම සහ දූෂණය, හමුදාකරණය, පාරිසරික ගැටලු, ආගමික මර්දනය සහ අතීත සහ අඛණ්ඩව සිදුවන අපයෝජනයන් දිගටම හෙළිදරව් කරති. ජනමාධ්‍ය නිදහස් සංවිධාන විසින් ජනවාරි 28 වන දින වාර්ෂිකව පැවැත්වෙන “කළු ජනවාරි” සැමරුම මෙවර ද සංවිධානය කර තිබේ. භීතීන් නොතකා, අභියෝග කිරීමත් සහ විරුද්ධකම් පෑමත් ජීවමාන . එය පෝෂණය කළ යුතුය.

ප්‍රගීත් එක්නෙලිගොඩගේ බිරිඳ, සන්ධ්‍යා එක්නැළිගොඩ යනු ප්‍රතික්ෂේප කිරීම, විරුද්ධකම් දැක්වීම සහ යුක්තිය පිළිබඳ අපේක්ෂාවන්ගේ නිරූපකයකි. බල රහිතයන්ගේ දුර්වලතා ජය ගන්නා, අවදානමට ලක් වූවන්ගේ බලයේ සංකේතයකි.

ඇය තමාට හා දරුවන්ට එල්ල වූ මරණීය තර්ජන, බිය ගැන්වීම්, සත්‍යය සහ යුක්තිය ලබා ගැනීමට දරණ ප්‍රයත්නයන් අපකීර්තියට පතකිරීම යනාදිය නෙබා නැගී සිටී. ඇයට එරෙහිව පොදු ස්ථානවල සතුරු පෝස්ටර් අලවා තිබුණි. අඇය අන්තර්ජාලයෙහි දරුණු ප්‍රහාරයන්ට ලක් ව ඇත. 2012 දී පමණ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරියකු විසින් උසාවියේදී ඇය තම සැමියා වෙනුවෙන් සත්‍යය සහ යුක්තිය සෙවීම රට අපකීර්තියට පත් කරන බව අඟවමින් දැඩි ප්‍රශ්න කිරීම් වලට ලක් කරනු ලැබුවාය.

වධහිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුවේ එවකට රජයේ නියෝජිත කණ්ඩායමේ ප්‍රධානියා වූ මොහාන් පීරිස් මහතා ප්‍රගීත් විදේශගතව සිටින බව ප්‍රකාශ කළ විට, සන්ධ්‍යා කමිටුවට ලිපියක් යවමින් ඒ බව වැඩිදුර පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාවේදී පීරිස් මහතා උසාවියේදී සාක්ෂි දීමට කැවිය යුත බවට බල කළා ය. යුද හමුදා බුද්ධි අංශවල (සහ ඔවුන්ගේ ආධාරකරුවන්ගේ) සැකකරුවන්ගේ සහ චූදිතයන්ගේ සතුරුකම් නොතකා ඇය 100 වතාවකට වඩා සමහර විට තනිවම, උසාවියේ පෙනී සිට ඇත. බෞද්ධ භික්ෂුවක් වන බොදු බාල සේනා නායක ගලබොඩ අත්තෙ ඥණසාර හිමි විසින් ඇයට උසාවිය තුළදී තර්ජනය කළ විට ඇය පොලසියට පැමිණිලි කළ අතර පසුව නඩුව “සමථයකට” පත් කිරීමට ගත් උත්සාහයන්ට විරුද්ධ විය. එවකට සිටි මහේස්ත්‍රාත්වරයා ද එදින උසාවියේ දී භික්ෂුවගේ හැසිරීම ගැන පැමිණිලි කළ අතර භික්ෂුව නඩු දෙකම සම්බන්ධයෙන් වරදකරු කරනු ලැබීය. හිටපු ජනාධිපතිවරයා එකී භික්ෂුවට සමාව දුන් නමුත් සන්ධ්‍යා දැන් එම සමාව දීම අධිකරණය හමුවෙහි අභියෝගය කර තිබේ.

සන්ධ්‍යා නම් උදා තරුව

මවක් සහ බිරිඳක් ලෙස සන්ධ්‍යා එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳට ලිපියක් යවමින් ප්‍රගීත් සොයා ගැනීමට ජනාධිපති ආර්යාවගේ මැදිහත්වීම ඉල්ලා සිටියේය. ඇය තම යෞවන පුතා සමඟ පාර්ලිමේන්තුවෙන් පිටත සිටගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අභියාචනා බෙදා දුන්නාය. ඇය සහ ඇගේ පුතා ගාලු සාහිත්‍ය උළෙලට ගොස් ලේඛකයින්ට ආයාචනා කළහ. ඇය කොළඹ බොහෝ විරෝධතා හා සුපරීක්ෂාකාරී සංවිධාන සංවිධානය කිරීමට මූලිකත්වය ගත්තාය. විමර්ශකයින්, නීතිපති දෙපාර්තමේන්තුව සහ උසාවි සමඟ හමුදාව සහයෝගය නොදක්වන බව පැහැදිලි වූ විට, සන්ධ්‍යා එවකට යුධ හමුදාපතිවරයා හමුවී උපකාර ඉල්ලා සිටියේය.

සත්‍යය සහ යුක්තිය සෙවීම සඳහා ජාත්‍යන්තර සහයෝගය ජනනය කිරීම සඳහා ඇය රාජ්‍ය තාන්ත්‍රිකයින්, එක්සත් ජාතීන්ගේ නිලධාරීන්, ජාත්‍යන්තර සංවිධාන සහ විදේශීය මාධ්‍යවේදීන් හමුවූවා ය. ඇය ඔහුගේ ලිපි සහ කාටූන් සමඟ පොත් ප්‍රකාශයට පත් කිරීමට ප්‍රගීත්ගේ මිතුරන් හා අදාළ පුද්ගලයින් සමඟ වැඩ කළාය. ඇයගේ අරගලවලදී අතුරුදහන් වූ දෙමළ පවුල්වලට සහයෝගය දැක්වූ ඇය, උතුරේ විරෝධතාවලට පැමිණ ඔවුන් හා එක්වීම සහ ඇයගේම වැඩ වලදී ඔවුන්ගේ අරගල ගැන කතා කළා ය. මේ සියල්ල සමඟම, අතුරුදහන් වූ පියාගේ හිඩැස පිරවීමට උත්සාහ කරමින් ඇගේ යෞවන පුතුන් දෙදෙනා, දැන් තරුණ වැඩිහිටියන් බවට ඇති දැඩි කිරීමට ද ඇයට සිදු විය.

මම කවදාවත් ප්‍රගීත්ව පෞද්ගලිකව දැන නොසිටියෙමි. එසේ වතුදු පසුගිය අවුරුදු දහය තුළ මම සන්ධ්‍යා සමඟ සැලකිය යුතු කාලයක් ගත කර ඇත්තෙමි. බොහෝ විට මම ඇය සමඟ වීදි පහන් පූජා, විරෝධතා, ආගමික උත්සව කොළඹ දී පමණක් නොව උතුරේ ද අතුරුදහන් වූ දෙමළ පවුල් සමඟ උසාවිවල දී , සම්මන්ත්‍රණවල දී , රැස්වීම්වල දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් සමඟ විදේශීය මාධ්‍යවේදීන් සමඟ ද සම්බන්ධ වී ඇත්තෙමි. සමහර විට ඇය වෙනුවෙන් පරිවර්ථනයන්ළෙමි. ඒ වගේම ඇගේ ගෙදර දී.

සන්ධ්‍යා සමඟ වසර දහයක් තිස්සේ ඇසුරු කිරීම ඉතා අභියෝගාත්මක ය. ඇගේ ශක්තිය, ක්‍රියාශීලීත්වය හා නිතය ලෙස කැරෙන මුලපිරීම්, ධෛර්යය, අධිෂ්ඨානය ගමන් කිරීම දුෂ්කර තරම් . එසේ වෙතත් මේ වනාහී ක්‍රියාකාරිකයෙකු ලෙස මා ලද වඩාත්ම තෘප්තිය ලබා දෙන සහ ප්‍රබෝධමත් අත්දැකීමක් විය.

(ඉංග්‍රිසියෙන් ලියන ලද ලිපියක සිංහලානුවාදය ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙතිනි)

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s