‘‘ කේප්පාපිලවු ’’….. ගේ දොර කරා ආපසු පැමිණීමේ ඔවුන්ගේ අරගලය (Kepalulavu..their struggle to go home)

First published at http://ravaya.lk/?p=14056 on 19th June 2016 (Also published at http://www.vikalpa.org/?p=27559 on 29th June 2016)

‘‘මා මගේ නිවසට ඇතුළුවන විට එය මට දැනෙන්නේ මගේ මවගේ හා පියාගේ ආදරය බඳු සුරතල් ලෙන්ගතු බවකිනි…’’ –

ආපසු නිවසට පැමිණීමේ අපේක්ෂාවෙන් බලා සිටින කෙප්පාපිලවු ගමේ වැඩිහිටියෙක්.

මෙම වසරේ මාර්තු 24 වෙනි දින කෙප්පාපිලවු ගම්වැසියන් විසින් ආරම්භ කරන ලද මාරාන්තික උපවාසයේ පටන් මාස දෙකක් පුරා ගම්වැසියෝ නව ආණ්ඩුව ඔවුන්ගේ ඉඩම් නිදහස් කරන තෙක් අපේක්ෂා සහිතව තවමත් බලා සිටිති. මැයි මාසයේ වාර්ෂික කෝවිල් උත්සවය සමයේ හමුදාව සීමාසහිත කාලයකට පාරවල් විවෘත කරනු ලැබූ විට ඔවුන්ගේ නිවාස යන්තමින් දැක බලා ගැනීමේ හැකියාවක් ගම්මුන්ට ලැබිණ. ‘හැම අවුරුද්දකම අපේ ඉඩම්වල වඩ වඩාත් වෙනස් කිරීම් කරනු ලබනවා. සමහර නිවාස විනාශ කරලා තිබෙනවා. ළිං වසා දමා තිබෙනවා. වෙනත් ගොඩනැගිලි ඉදිකර තිබෙනවා. සීමා මායිම් වෙනස් විදියට ලකුණු කරලා තිබෙනවා. ඒ උනාට අප හිටවපු කොස් හා පොල් ගස් පල දරන්න පටන්ගෙන තිබෙනවා’ යි ඇගේ පැරණි ගම දැකීමෙන් පසු ප‍්‍රජා කි‍්‍රයාකාරිනියක් වන ‘චන්ද්‍රලීලා’ පවසන්නී ය. කෙසේ වුව ද ඇය සියලූම ගම්වැසියන්ට ආපසු ගමට යාමට ඉඩ දිය යුතු බවට අධිෂ්ඨාන සහගතව සිටින්නී ය. ‘ඔවුන් අපේ ඉඩම් නිදහස් කළ යුතුව තිබෙනවා. අපි ආපසු එනවා. ඔවුන් අපේ ගෙවල් විනාශකර තිබුණත් ඔවුන් අපේ ඉඩම් නිදහස් කිරීම අපට උවමනා යි’චන්ද්‍රලීලා පවසන්නී ය.

ඉතිහාසය

කෙප්පාපිලවු ග‍්‍රාම නිලධාරි කොට්ඨාසය පිහිටා තිබෙන්නේ මුලතිවු දිස්ති‍්‍රක්කයේ මාර්ටිනේපත්තු ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ ය. එය සූරියපුරම්, සීනියමොට්ටයි, කෙප්පාපිලවු හා පලකුඩියුරුප්පු යන ගම් හතරෙන් සමන්විත වෙයි. ප‍්‍රධාන වශයෙන් ගොවීන් හා ධීවරයින් වන ඔවුන්ගෙන් ඇතැම් නිවැසියන් ඔවුන්ගේ ඉතිහාසය දශක හයකට වඩා ඈතට දිවෙන බව අපට පැවසූ අතර අනෙක් අය ඉඩම් නැති පවුල් වශයෙන් එල්ටීටීඊය විසින් පදිංචි කරවන ලද බව වාර්තා විය. කෙප්පාපිලවු සාරවත් රතු පස, පිරිසිදු ජල ළිං හා සමුද්‍ර සම්පත්වලට ප‍්‍රකට ය.

මෙම ගම්මු 2009 යුද්ධයේ අවසන් අදියර සමයේ ලක්ෂ ගණනින් අවතැන් වූවන් අතරට අයත් වූ අතර මැණික් ෆාම් කදවුරුවලවල නීති විරෝධීව රඳවා සිටියහ.

තමන්ගේ නිවෙස්වලට ආපසු යන්නට ඉල්ලීම් කරද්දීත් අවතැන් වීමට පෙර ඔවුන් කෙතරම් ඉඩම් ප‍්‍රමාණයක් හිමිව සිටියේ ද යන්න ද නොතකා පවුල් 150 කට පමණ එක් පවුලකට අක්කර කාල බැගින් අලූත් ඉඩම් වෙන්කර දෙනු ලැබිණ. මෙලසෙ ඔවුන් ඔවුන්ගේ මුල් ඉඩම්වලට යාබදව පිහිටි මුලින් සූරියපුරම් යනුවෙන් ප‍්‍රකට ප‍්‍රදේශයකට නැවත අවතැන් කෙරිණ. මෙය දැන් හඳුන්වන්නේ කෙප්පාපිලවු ආදර්ශ ගම්මානය යනුවෙනි. ජනයා පැවසුවේ ඔවුන් ඈත එපිට පදිංචිකර තිබේ යයි ඔවුන්ට හැගෙන බව ය. නිවාසස්ථාන ඉදි කර ගැනීමට අධිකාරීන්ගෙන් කිසිදු සහායක් නැතිව ජනතාවට මැනික් ෆාම්වලින් ගෙන එන ලද අහක දමන ලද දේවලින් පැල්පත් ඉදිකර ගැනීමට සිදුව ඇත.

මුලතිව් හිටපු දිසාපතිවරයා විසින් පවුල් 150 ගෙන් ඔවුන්ගේ අලූත් ඉඩම් භාර ගැනීමේ අයදුම්පතකට අත්සන් කරන්නැයි ඉල්ලා තිබේ. පවුල් 150 න් පවුල් දෙකක් ලියවිල්ලට අත්සන් කිරීම ප‍්‍රතික්ෂේප කරනු ලැබුවේ වුව ද ඔවුන්ට ද විකල්ප ඉඩමෙහි පදංචි වෙන්නට බල කෙරී තිබුණ අතර පසුව තාවකාලික බලපත‍්‍රයක් ලැබී තිබිණ. 146 ක් පමණ අනෙකුත් පවුල් සත්කාරක හා ඥාති පවුල් සමග නැවතී සිටි අතර 2013 ජනවාරිවල සූරියපුරම්හි පදිංචි වී ඇත. ඔවුන්ගේ පැමිණීමේ දී කිසිදු ඉඩම් බලපත‍්‍රයකට අත්සන් කරන්නැයි ඔවුන්ගෙන් ඉල්ලා නැත. සූරියපුරම්වල පවුල් 59 ක් ද පිලාවුකුඩියිරුප්පුවල පවුල් 55 ක් ද ‘ වල පවුල් 159 ක් ද ඔවුන්ගේ ඉඩම්වල හමුදාව පදිංචි වී සිටීම හේතු කොට ගෙන වර්තමානයේ අවතැන් වී සිටිති. අවතැන් වූ පවුල් දැනට වාසය කරන්නේ කෙප්පාපිලවු ආදර්ශ ගම්මානයේ ය. 2013 මාර්තුවල පවුල් 16 කට සීනියමොට්ටායිහි ඔවුන්ගේ මුල් ඉඩම්වලට ආපසු පැමිණීමට අවසර දී ඇත.

කාලයක් ඔවුන්ට අයත්ව තිබූ භූමිය

හමුදාව විසින් අත්පත්කර ගනු ලැබ තිබෙන මෙම අවතැන් වූවන්ගේ නිවාස ඉඩම්වල වපසරිය අක්කර 520 පමණ වේ. ජනයාගේ නිවාස දැන් යොදා ගනිමින් තිබෙන්නේ හමුදා පිරිස්වල හා ඔවුන්ගේ පවුල්වල පදිංචිය සඳහා ය. මෙවන විටත් තිබෙන නිවාස, පාසල් හා දේවස්ථාන පරිශ‍්‍රවලට අමතරව යුද හමුදා පවුල්වල නවාතැන් පහසුකම් සඳහා පදිංචි ප‍්‍රදේශය ඇතුළත බොහෝ පෙර නිමි නිවාස ද ස්ථාපනයකර තිබේ.

2014 මාර්තුවල හමුදාව ඔවුන් අත්පත්කර ගෙන තිබුණු ජනතාවගේ ඉඩම් හා ගොඩනැගිලි සඳහා තාවකාලික නිවාස 287 ක් ඉදිකර භාර දී තිබුණි.(ශී‍්‍ර ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශය, හමුදාව කෙප්පපිලායි ආදර්ශ ගම්මානයෙහි නිවාස ඉදිකිරීම නිම කරයි – http://www.defence.lk/new.asp?fname=Army_completes_construction_of_houses_in_Keppapilavu_Model_Village_20160303_04) නැවත පදිංචි කිරීමේ කටයුතු පිළිබඳ හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් 2013 දී මෙම නිවාස යෝජනා ක‍්‍රමය සමාරම්භ කළ අවස්ථාවේ දී එය තාවකාලික යෝජනා ක‍්‍රමයක් නිසා කිසිදු ගසක් නොසිටුවන්නැයි ජනතාවට කී බව වාර්තා වී තිබේ. තව ද 2014 දී ප‍්‍රදේශයේ හමුදා අණදෙන නිලධාරිවරයා ජනතාවට නිවාස භාර දෙනු ලැබූ අවස්ථාවේ දී ඔහු ද මේවා තාවකාලික ඉඩම් පමණක් බවත් දේශපාලන තත්ත්වය වෙනස් වන්නේ නම් ඔවුන්ට ඔවුන්ගේ ඉඩම් ආපසු ලැබෙනු ඇති බවත් පවසා තිබුණි.

ප‍්‍රදේශයෙහි ප‍්‍රමාණවත් තරම් ජලය නොමැති නිසා පවුල් 25-30 අතර ප‍්‍රමාණයක් හමුදාව ඉදි කළ නිවාසවල වාසය නොකරති. ‘‘අපට සීතලෙන් පිරුණු පිරිසිදු ජලය සහිත විශාල ළිං තිබුණා. අපට පිපාසය නිවා ගන්න නැමිලා ජෝගුවකට වතුර ගන්න පුළුවන්කම තිබුණා. දැන් අපට මූණ කට සෝදා ගන්න බාල්දි අර ගෙන හුගාක් දුර පයින් යන්න සිදු වෙලා තියෙනවා’’ යි සිය නිවෙස්වල පැවති විවිධ වූ මතකයන් සිහිපත් කරමින් වැඩියෙන්ම පීඩාවට පත්ව සිටින බව පෙනුන වැඩිහිටි ගම්මු සිහිපත් කළහ.

අලූතෙන් පදිංචි වූ ප‍්‍රදේශයේ සිට ඔවුන්ගේ මුල් ගම්වල නිවාසවලට ආසන්නයේ පිහිටි ඔවුන්ගේ කුඹුරුවලට කිලෝ මීටර 7-10 පමණ පයින් යා යුතුව තිබෙන හෙයින් ඔවුන්ගේ ඉඩම් වගා කිරීම සඳහා මහත් පරිශ‍්‍රමයක් දරන්නට ගොවි පවුල්වලට සිදුව ඇත. පෙර දී වගා කටයුතු හා ගෙවතු වගාව පවුල් කටයුතු වී තිබුණ නමුත් දැන් දුර වැඩිවීමත් සමග බොහෝ විට ස්තී‍්‍රන්ට හා ළමුන්ට ගෙදරදොර බලා කියා ගැනීමට ඒවායේ නැවතී සිටීමට සිදුව ඇත.

‘‘මුහුදේ සිට කිලෝ මීටර 3 1/2 පමණ තීරුවක් හමුදාව අත්පත්කර ගෙන තිබෙන නිසා එය අපට පරිහරණය කරන්න අවසර දෙන්නේ නැහැ’’යි ගොවි සමිතිතියේ සභාපති කාලියප්පන් මහේශ්වරන් පැවසීය. ධීවරයින්ට ඔවුන්ගේ බෝට්ටු මෙම වෙරළ තීරයේ නවතා තැබිය නොහැකි ය. අත්පත්කර ගෙන සිටින වෙරළ තීරයේ සිට මීටර 50 ක මුහුදු ප‍්‍රදේශයක මසුන් ඇල්ලීම හෝ දැල් දැමීම තහනම්කර තිබේ. අවතැන් වීමට ප‍්‍රථම මුහුදු වෙරළ පැවතියේ ඔවුන්ගේ නිවෙස්වල සිට කිලෝ මීටර 150 ක් පමණ දුරින් යයි ඔහු පවසයි. දැන් ධීවරයින් මුහුදට ළ`ගා වීමට මීටර 700 ක් පමණ දුර යා යුතු ය. මෙම බාධක හේතු කොට ගෙන ධීවර ජනයා මුහුදු යන්නේ දින දෙකකට තුනකට වරක් පමණි. එහෙයින් ඔවුන්ගේ ආදායම ද හැකිළී ගොස් තිබේ. එසේම මහේශ්වරන් පැවසුවේ රට කජු වගා කළ බව ය. ඒ නිසා එය ධීවර කටයුතුවල නොයෙදෙන කාලයක් වුවත් ඔහුට ස්ථාවර ආදායමක් ලබා දුන් බව ය. කෙසේ වුව ද දැන් ඔහු කියන්නේ ආදර්ශ ගම්මානයෙහි වතුර ලබා ගත හැක්කේ පොදු ළිංවලින් පමණක් නිසා එය කළ නොහැකි බව ය.

ජීවන රටාව වෙනස් වීම ද රැුකියා අවස්ථාවල හිගය ද මගින් තරුණ ජනයා විවේක රහිත තත්ත්වයට පත් කර තිබෙන බව ගම්මු පවසති. ජනයා නීති විරෝධී මත්පැන් පෙරීම හා පානය කිරීම කරති. පොලීසිය නිතිපතා කඩා පැනීම් කළ ද දඩය ඉතා අඩු එකක් වන අතර මත්පැන් පෙරන්නෝ දඩය නිකම්ම ගෙවා දමා ඊළග දවසේ සිටම සිය කටයුතු ආපසු පටන් ගනිති. එමෙන්ම ස්තී‍්‍රන්ට ඔවුන්ගේ පවුල්වල ආදායම්වල බරෙන් යම් කොටසක් දැරීමට සිදුව ඇත. තරුණ ස්තී‍්‍රන් ඇගලූම් කම්හල්වල වැඩ කිරීම සඳහා කොළඹ පැමිණෙන අතර අනෙක් අය වැඩ සොයා ගැනීම සඳහා එහෙ මෙහෙ යති. ස්තී‍්‍රන් රාති‍්‍රයෙහි ප‍්‍රමාද වී ගෙදරට පැමිණීම පවුල් ඇතුළත ගැටීම් ඇති කරයි. ස්තී‍්‍රන් දෙදෙනෙකු හමුදාවට ද බැඳී ඇත.

විරෝධයපෑම්/ආයචනා

කෙප්පාපිලවු හි පවුල් 2012 හා 2016 අතර ඔවුන්ගේ ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලා යටත් පිරිසෙයින් විරෝධයපෑම් පහක් පවත්වා ඇත. 2015 කාලය තුළ ජනයා ඔවුන්ගේ මුල් පදිංචි ස්ථාන ආපසු ලබා දෙන ලෙස කරන ඔවුන්ගේ ඉල්ලීම පිළිබඳව නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඞී. එම්. ස්වාමිනාදන් හා කර්මාන්ත හා වාණිජ ආමාත්‍ය රිෂාඞ් බදුයුද්දීන් මුණ ගැසී තිබුණි. එසේම ඔවුන් ඉඩම් ඔප්පු 60 ක පිටපත් සහිතව ජනාධිපති ලේකම් කාර්යාලයට ලිඛිත අභියාචනයක් ද අනතුරුව එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂට ලිපියක් ද ඉදිරිපත් කර තිබුණි.

මුලින් ඉඩම් නැවත ලබා දෙන ලෙස තවත් තිදෙනෙකු නඩු ගොනුකර තිබුණ ද ඇගේ ඉඩම නැවත ලබා ගැනීමේ නීතිමය අරගලයක් දිගටම කර ගෙන යමින් සිටින එකම පැමිණිලිකරු වන්නේ දරු දෙදෙනෙකුගේ තනිකඩ මවකි. මෙම කාන්තාව තනිව විසීම අනාරක්ෂිත යයි ඇය සලකන නිසා තාවකාලිකව සපයන ලද නිවසෙහි වාසය නොකරයි. එවකට ප‍්‍රදේශයේ අණදෙන නිලධාරියා වූ සමරසිංහ විසින් කරන ලද බිය ගැන්වීම්, තර්ජන හා ඇතැම් අවස්ථාවල වාචික බැනුම් හා අවමන්කාරී සැලකීම් මැද්දේ ඇය මේ දක්වා ඇගේ නඩුව නොපසුබටව කර ගෙන ගිය බව පැවසුවා ය.

ඇයට අනුව ඇයට අයිති අක්කර 5 හි කුඹුරු හා ගොඩ ඉඩම් යන දෙවර්ගයම තිබේ. ‘‘හමුදාව මගේ ඉඩමේ බේකරියක්, කුස්සියක්, රෝහළක් හා ළිං ඉදිකර තිබෙනවා. ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පැමිණි විට ඔවුන්ට නැවතීමේ පහසුකම් සලසන්නේ මගේ ඉඩමේ බව මට කියා තිබෙනවා’’යි ඇය පැවසුවා ය.

අධිකරණය සහ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය විකල්ප ඉඩමක් භාර ගන්නැයි ඇයගෙන් ඉල්ලා තිබූ අතර ඇය තරයේ කියා සිට ඇත්තේ ඇයගේම ඉඩම ඇයට ලබා දෙන ලෙස ය. ‘‘පුද්ගලයින් වැඩි දෙනෙක් නඩු පවරා තිබුණේ නම් අපට වඩාත් ශක්තිමත් වීමට ද ඵලදායක වීමට ද හැකි වන්නට තිබුණා. එසේම මට බොහොම කේන්ති නිසා මම තවදුරටත් ආණ්ඩුවේ නිලධාරීන් සමග සාකච්ඡුාවලට සහභාගි වුණේ නැහැ’’යි ඇය දැඩි ලෙස කියා සිටියා ය.

මෙම ජනතාව ඔවුන්ගේ ඉඩම් ආපසු ලබා ගැනීමේ පෙර උත්සාහයන් අසාර්ථක වීමෙන් පසු 2016 මාර්තු 24 වෙනි දින මාරාන්තික උපවාසයක් ආරම්භ කළහ. ඇගේ ජනතාව වෙනුවෙන් කි‍්‍රයාකාරී ලෙස අරගලයේ යෙදී සිටියා වූ ප‍්‍රජා නායිකාවක් වන චන්ද්‍රලීලා දින තුනක් පැවති මෙම විරෝධයපෑමේ කාලය තුළ දේශපාලන පක්ෂවල නියෝජිතයින් ඔවුන්ගේ තත්ත්වය පිළිබඳව විමසීමෙහි යෙදුන බව ඇය පැවසුවා ය. තුන්වන දිනයේ උතුරු පළාත් සභාවේ මහ ඇමතිවරයා ලිපියක් මගින් කාරණය පිළිබඳව කටයුතු කිරීමට ද ඉදිරි මාස තුන ඇතුළත ඊට විසඳුමක් ලබා දීමට ද පොරොන්දු වී තිබේ. මෙම පොරොන්දුව මත උපවාසය අවසන් කෙරිණ. උපවාසයෙන් සති තුනකට පසු මහ ඇමතිවරයා විසින් ජනතාව මුණ ගැසීමට පස් දෙනෙකුගේ කණ්ඩායමක් යවනු ලැබ ඇත. එම කණ්ඩායම ඔවුන්ගේ තත්ත්වය පිළිබඳව පොදු ප‍්‍රශ්න ඇසුව ද ඔවුන්ගේ ඉඩම් ආපසු ලබා ගැනීම පිළිබඳව කිසිදු පොරොන්දුවක් දුන්නේ නැති බව චන්දාලීලා පවසන්නී ය.

ඉඩම්වලට නැවත හිමිකම් කියාපෑමේ අරගල

අවුරුදු ගණනාවක විරෝධයපෑම් හා උසාවි අරගලවලින් පසු අග්නිදිග වෙරළේ පානම ජනතාව මේ හා සමගාමීව මෙම අවුරුද්දේ මාර්තු මාසයෙහි 2010 සිට නාවික හමුදාව, ගුවන් හමුදාව හා විශේෂ කාර්ය බලකාය විසින් අත්පත්කර ගෙන තිබෙන ඔවුන්ගේ ඉඩම්වලට බලහත්කාරයෙන් ඇතුළු වී ඒවාට නැවත හිමිකම් කියා පෑහ. රට පුරාම ප‍්‍රජාවෝ ආරක්ෂාව හා සංවර්ධනයේ නාමයෙන් අසාධාරණ ලෙස හා නීති විරෝධී ලෙස ඔවුන්ගෙන් අත්පත්කර ගන්නා ලද ඉඩම්වලට නැවත හිමිකම් කියාපෑමේ ඔවුන්ගේ අරගලය අඛණ්ඩව කරගෙන යමින් සිටිති. නව ආණ්ඩුව නීතිවිරෝධීව අත්පත්කර ගන්නා ලද ඉඩම් ස්වල්පයක් ආපසු ලබා දීමට මුල පුරා ඇත්තේ නමුදු සියලූම අවතැන් වූවන්ට සාධනීය ලෙස ප‍්‍රතිචාර දක්වා ඔවුන්ගේ නිවාස හා ඉඩකඩම්වලට ආපසු යාම සඳහා ඉඩ සලසන්නේ ද?

රුකී ප‍්‍රනාන්දු, මරිසා ද සිල්වා හා ස්වස්තික අරුලිංගම් විසිනි

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s